BREAKING NEWS

සතර දිගින්

සත්සර විකසිත

නිවුණු පහන්

Saturday, 2 May 2020

මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව

වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ.

විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

සිරිල් පොන්නම්පෙරුම මහතා 1923 ඔක්තෝබර් 16 වැනිදා ගාල්ලේ උපත ලැබීය. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්  සහ මින් අනතුරුව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.හෙතෙම ඉන් අනතුරුව මදුරාසි විශ්ව විද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය.1959 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බර්ක්බෙක්හි රසායන විද්‍යා උපාධිය ලෙස ඔහු ලබාගත්තේය.

මුස්ලිම්වරුන් අතින් විනාශ වුණු බෞද්ධ විශ්ව විද්‍යාල

ඉන්දියාවෙන් බුද්ධාගම අතු ගෑවිලා යන්න ප්‍රධානම හේතුව වුණේ මුස්ලිම් ආක්‍රමණ. එතෙක් කල් හින්දු ආගමිකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ රැකගෙන ආපු බෞද්ධ විහාරාරාම සම්පූර්ණයෙන්ම භික්ෂූන් වහන්සේලා සමඟ ගිනිබත් කරල දාන්න මුස්ලිම්වරු කුරිරු විදිහට කටයුතු කළා. භික්ෂු සමාජයක පැවැත්මකින් තොරව බුද්ධාගම රැකෙන්නේ නැහැ. මේ නිසා සංඝ සමාජයෙන් තොර වුණු බුද්ධාගම, පරම්පරා කීපයකින් ඉන්දීය සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. අපි අද කතා කථා කරන්න යන්නේ මේ මුස්ලිම් ආක්‍රමණය නිසා බෞද්ධයන්ට අහිමි වුන පුරාණ ඉන්දියාවේ පැවැත්වුණු විශ්ව විද්‍යාල කීපයක් ගැන. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේවා බෞද්ධයන්ගේ උරුමයන් වගේම මානව සංහතියේ උරුමයන්. මෙම විශ්ව විද්‍යාලවලින් ඇති කරපු බුද්ධි සම්ප්‍රදාය දිගටම පැවතුණා නම් ඇතැම් විට අප ජීවත්වන ලෝකය මීට වඩා වෙනස් වෙන්න වුණත් ඉඩ කඩක් තිබ්බා. විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල වල තිබුන පුස්තකාලවල දැනුම් සම්භාරය මේ ආක්‍රමණය නිසා අපිට සදහටම අහිමි වුණා.

1. පුෂ්පගිරි විශ්ව විද්‍යාලය


වර්තමාන ඔරිස්සාවේ පිහිටලා තිබ්බ පුෂ්පගිරි විශ්වවිද්‍යාලය 11 වන සියවස දක්වා තමන්ගේ ආගමික සහ අධ්‍යාපන කටයුතු සිද්ධ කළා. ලලිතගිරි, රත්නගිරි සහ උදිත ගිරි යන කඳු ශිඛර ආශ්‍රිතව මෙම විශ්වවිද්‍යාලය පැතිරිලා තිබ්බා. ජනප්‍රවාදවලට අනුව අශෝක අධිරාජයා විසින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරලා තියෙනවා. මුලින් ථෙරවාදී සම්ප්‍රදාය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යාපන කටයුතු සිද්ධ වුණත් පස්සෙ කාලෙක මහායාන සම්ප්‍රදායට බරවෙලා මෙහි අධ්‍යාපන කටයුතු සිද්ධ වුණා කියලා විශ්වාස කෙරෙනවා. ඔරිස්සාවට එල්ල  වුණු මුස්ලිම් ආක්‍රමණත් එක්ක පුෂ්පගිරි විශ්ව විද්‍යාලයත් විනාශ වෙලා අතීත මතකයක් බවට පත් වුණා ..
 2. ඕදන්තපුර විශ්ව විද්‍යාලය

ටිබෙට් සහ චීන වාර්තා වලට අනුව දොළොස් දහසක පමණ ශිෂ්‍ය පිරිසක් ඉගෙනගත්ත මේ ඕදන්තපුර විශ්ව විද්‍යාලය පිහිටලා තිබුණේ වර්තමාන බිහාරයේ. මේ විශ්වවිද්‍යාලය පාලි රාජවංශයේ ගෝපාල නම් රජු විසින් ආරම්භ කරපු විශ්ව විද්‍යාලයක් කියලා සැලකෙනවා. අටවැනි ශතවර්ෂයේ ඉඳන් දොළොස් වැනි ශතවර්ෂය වෙනකන් අවුරුදු 400ක් බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කැප වුණු මේ විශ්වවිද්‍යාලය භක්තියාර් කිල්ජි නම් මුස්ලිම් ආක්‍රමණිකයා විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළා.

3. ජගද්දලා  විශ්ව විද්‍යාලය

 පාල රාජවංශයේ රම්පාල නම් රජුගේ අනුග්‍රහය යටතේ ඉදිවුණු ජගද්දලා විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේ වර්තමාන බංග්ලාදේශයේ. ජගද්දලා විශ්වවිද්‍යාලය වජ්‍රයාන සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ කේන්ද්‍රස්ථානයක් වුණා. අද පවා ටිබෙට් ජාතිකයන්ගේ පූජනීය ග්‍රන්ථ වල අඩංගු බොහෝ පොත පත ලියැවී ඇත්තේ ජගද්දලා විශ්වවිද්‍යාලය තුළයි. මුස්ලිම් ආක්‍රමණිකයන් අනෙකුත් විශ්ව විද්‍යාල විනාශ කරන බව ආරංචිය ලද වහාම ජගද්දලා විශ්වවිද්‍යාලයේ බොහෝ පඬිවරු තමන්ට රැගෙන යා හැකි පොත පත රැගෙන ටිබෙටය වැනි රටවලට පළා ගියා. මේ නිසා ටිබෙටය තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා.

4. සෝමපුර විශ්ව විද්‍යාලය

 මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න මුල් වෙන්නෙත් පාල රාජවංශයේ රජ කෙනෙක්. ඔහු ධර්මපාල රජු. මේ විශ්වවිද්‍යාලය තුළ බුද්ධාගම ජෛන ආගම සහ හින්දු ආගම තුලනාත්මකව හැදෑරීම සිදු කළා කියල සඳහන් වෙනවා. අක්කර 27ක භූමි භාගයක් පුරා පැතිරුණ මෙම විශ්ව විද්‍යාලයටත් අවසානයේදී මුස්ලිම් ආක්‍රමණ හමුවේ පරාජයට පත් වෙන්න සිද්ධ වුණා .දොළොස් වන සියවසේ සිට දහනවවන සියවස දක්වා මතකයෙන් ඈත් වෙලා තිබ්බ සෝමපුර විශ්වවිද්‍යාලය නැවතත් කැණීම් මගින් තහවුරු කරන්න පටන් ගත්තේ 1920 දී.

5. වලභි  විශ්ව විද්‍යාලය

 ඉන්දියාව තුළ බිහිවුනු එකම ථෙරවාදී විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ වලභි විශ්වවිද්‍යාලය. එය පිහිටා තිබුණේ වර්තමාන ගුජරාට ප්‍රදේශයේ. මේ විශ්ව විද්‍යාලය තුල බුද්ධාගම පමණක් නොව වෙනත් ලෞකික විද්‍යා සහ ශිල්ප ඉගැන්වූ බවට විශ්වාස කෙරෙනවා. උදාහරණයක් විදිහට නීති ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය වැනි විෂයය බටහිර විශ්ව විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට සිතීමටත් පෙර කාලයේ වලභි විශ්ව විද්‍යාලය තුළ උගන්වා තිබෙනවා. චීන දේශාටකයකු වන හියුන්සාං නම් භික්ෂුව කියන විදිහට ඒ වන විට භික්ෂූන් වහන්සේලා හය දහසක් සහ විහාරාරාම සීයක් වලභි විශ්ව විද්‍යාල සංකීර්ණය තුළ පැවතිලා තියෙනවා. මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් පළමු වරට වලභි විශ්වවිද්‍යාලය විනාශ කළත් එය නැවත වතාවක් ගොඩනැගීමට එම ප්‍රදේශය පාලනය කළ රජවරු සමත් වෙනවා. නමුත් දෙවෙනි වතාවට විනාශ කිරීමෙන් පසුව නම් වලභි විශ්වවිද්‍යාලය නැවත ගොඩනැගෙන්නේ නෑ.

6. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය


 වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ගොඩ නගන්නෙත් පාල රාජ වංශයේ, ධර්මපාල රජු විසින්. වර්තමාන බිහරයේ පිහිටලා තිබුණු මේ වික්‍රමශීලාව තන්ත්‍රයානික බෞද්ධයන්ගේ ඉගෙනුම් කේන්ද්‍රස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය සහ නාලන්දා විශ්ව විද්‍යාලය අතර තරගයක් පැවතිලා තියෙනවා. මේ විශ්ව විද්‍යාලයත් අවසානයේ විනාශ කර දමන්නේ භක්තියාර් කිල්ජි විසින්.

7. නාලන්දා විශ්ව විද්‍යාලය


නාලන්දා විශ්ව විද්‍යාලය සැලකෙන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ බිහිවූ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය විදිහට. චීනය, ග්‍රීසිය, පර්සියාව වැනි රටවලින් ඉගෙනීම සඳහා නාලන්දාව වෙත ශිෂ්‍යයන් පැමිණිලා තියෙනවා. ඒ වගේම ඉන්දීය රජ වරු පමණක් නොව ඉන්දුනීසියාවේ ශෛලේන්ද්‍ර රාජවංශයේ රජවරු පවා නාලන්දාවට අනුග්‍රහය දක්වා තිබෙනවා. නාලන්දාව ආරම්භ කිරීමට මුල් වූයේ ගුප්ත රාජ වංශිකයන් ලෙස විශ්වාස කරනවා. ඒ පස්වැනි සියවසේ දී. නාලන්දාවේ සුවිශේෂී පුස්තකාල සංකීර්ණයක් පැවැති බවට සාක්ෂි හමු වෙනවා. එය රත්න සාගර, රත්න නිධි, රත්නජංක යන නම්වලින් හැඳින්වුණු පුස්තකාල තුනක එකතුවක්. අවසානයේ දී භක්තියාර් කිල්ජි විසින් මෙම විශ්ව විද්‍යාලයේ සියලුම නේවාසික භික්ෂුන් වහන්සේ ඝාතනය කරලා මුළු මහත් විශ්ව විද්‍යාලයටම ගිනි තබනවා.
 අපගේ ස්තූතිය 
 
 https://www.lifie.lk/

පාර මැද‍දේ පිලී උඩින් ට්‍රෑම් කාර් යනවනේ"

පිටකොටුව ද මේ අනේ
කඩ සාප්පු බොහෝ තියේ
පාර මැද‍දේ පිලී උඩින්
ට්‍රෑම් කාර් යනවනේ"

අතීත කොළඹ ගැන බොහෝ දෙනා මතක් කරති. ප්‍රවාහනය දියණු අද දවසේ මෙන් නොව, මීට දශක හත අටකට පමණ කලින් කොළඹ ආ අයකුට කොළඹදී දැක ගත හැකිවූයේ බස් රථ වෙනුවට ට්‍රෑම් රථ ය. මේ ඒ ඉතිහාසයට කරන එබී බැලීමකි.
එකල කොළඹ ආවකුට ට්‍රෑම් කාර් ගැන ඇත්තේ එවැනි පුදුමයකි. එඩී ජයමාන්න උමතු විශ්වාසය චිත්‍රපටයේ ගීතය ගයන්නේ ඒ කුතුහලය වඩාත් ජනිත වන අයුරුනි.එකල විසුවන්ට පමණක් නොව මේ ගීතය ඇසෙන මොහොතක් පාසා ට්‍රෑම් කාර් ගැන හිතේ මතුවන්නේ කුහුලකි.

දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය

දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සොඳුරු ආඥාදායකයා
බී.ඞී.රම්පාල

ප්රවාහනය යන වචනය සමග දුම්රියට ඇත්තේ නිරතුරුවම බැඳී පවතින කිසිදා නොබිඳෙන අපූරු සම්බන්ධතාවයකි. රටක දියුණුව එහි ප්රවාහනය ලබා ඇති දියුණුවෙන් පෙන්නුම් කළ හැකිවාක් මෙන්ම ප්රවාහනයේ දියුණුව එරට දුම්රිය ලබා ඇති දියුණුව අනුව පෙන්විය හැකිය. එහෙත් නිරන්තරයෙන්ම ස්වාභාවික ව්යසනයන්ගෙන් හානියට පත්වන දුම්රිය සේවය සේවක වර්ජන, ඉන්ධන හා අමතර කොටස් මිල ඉහළ යාම. ආදී කරුණු නිසා ලාභදායක ලෙස පවත්වාගෙන යාම අසීරු කරුණකි. මෙම අභියෝග සියල්ල ජයගන්නා අතරම නව තාක්ෂණය දුම්රිය සේවයට හඳුන්වාදෙමින් හා ගුණාත්මක භාවයේද වර්ධනයක් ඇති වූ කාලය බී. ඞී. රම්පාල මහතා දුම්රිය සාමාන්යාධිකාරී තනතුර හෙබවූ 1955 - 1970 කාල පරාසය බව අවිවාදයෙන්ම පිළිගත් කරුණකි. තනතුරෙන් තමා බැබලෙනු වෙනුවට තම දක්ෂතාවයෙන් තනතුර බබලවමින් එම ස්වර්ණමය යුගය කරා දුම්රිය සේවය ගෙන ගිය යුග පුරුෂයා වන බී. ඞී. රම්පාල මහතා දුම්රිය සේවකයන්ගේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකේය  ජනතාවගේම ගෞරවාදරයට පාත්ර වන්නේ ඒ නිසාය..

කවුද මේ කුලසිංහ... ?

පෙරසවි කොන්ක්‍රීට් අද අප කවුරුත් දන්නා දෙයක්. මෙම තාක්ෂණයේ පියා හෙළයේ පුත්‍රයෙකි. ඔහු ශ්‍රි ලංකා ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති ආචාර්ය A.N.S කුලසිංහ මැතිතුමාය.
අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ (උපත​:1919 ඔක්. 26) ශ්‍රී ලාංකික සිවිල්, යාන්ත්‍රික​, විදුලි හා නාවික ඉංජිනේරුවරයෙකි. ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලද​ කුලසිංහ පෙරසවි කොන්ක්‍රීට් තාක්‍ෂණය නිසා, කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් වඩාත් ප්‍රකට විය​.

කමිබි සමූහයක් ඇදීම මගින් දැඩි ආතතියක් ලබා දී එය කොන්ක්‍රීට් කර සවි වීමට ඉඩ හැර ඉන් පසු ආතතිය ඉවත් කිරීමයි. එවිට අධික ශක්තියක් එය තුල ගබඩාවේ. මෙතුමා මෙම තාක්ෂණය උපයෝගී කොට ගෙන ග්‍රහලෝකාගාරය, කළුතර චෛත්‍ය,

සී. ටී. ගේ ගී හඬට වශී වීමි

මා මරදානෙන් කොටුවට සංක්‍රමණය වූයේ 'ලංකාදීපය'ටත්, 'දෙසතිය' පුවත් සඟරාවටත් ලියන්ට යොමුවීම නිසාය. එවක 'ලංකාදීප' පළ කළේ ටයිම්ස් මන්දිරයෙනි. 'දෙසතිය' කාර්යලය රජ ගෙදරට (ජනාධිපති මන්දිරයට) ආසන්නයේ පිහිටා තිබිණි.
එකල කොටුව බේලි වීදියේ 'සිල්වර් ලයින්' නමින් රෙකෝඩ් බාරයක් තිබිණි. එහි කළමනාකාරීත්වය දැරුවේ ප්‍රකට ගායක සී. ටී. ප්‍රනාන්දුය. සී. ටී. මගේ ප්‍රියතම ගායකයෙකි. එක පැත්තකින් චිත්‍රපට ඔස්සේ ජෝතිපාලගේ ගී ප්‍රිය කළ මම අනිත් පැත්තෙන් සී. ටී. ගේ ගී ප්‍රිය කළෙමි. සී. ටී. හමු වී කතාබහ කිරීමේ දැඩි ආශාවක් මට ඇති වූයේය. මම 'සිල්වර් ලයින්' රෙකෝඩ් බාර් වෙත ගොස් සී. ටී. හමුවීමි. සිල්වර් ලයින් ලේබලය යටතේ නිකුත් වූ ගීතවල මුද්‍රිත නාමාවලියක් ද ඔහු එදා මට දුන්නා මතකය.

සිංහල සංගීතයේ හැරවුම් ලක්‍ෂය සී.ටී

එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර, හියුබට් රාජපක්‍ෂ ආදින් ගේ නුර්ති, ටීටර් ගී සම්ප්‍රදායය පැවැතිණි. තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදින් ගේ ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායය පැවැතිණි. ඒ හැමට ම වෙනස් අතෙක වොලී බැස්ටියන්, ජස්ටින් ප්‍රනාන්දු ආදින් ගේ බයිලා ගීත සම්ප්‍රදායය පැවැතිණි. මේ සියල්ලට අමතර ව සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක් ද මෙ වක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යැ යි සමාජගත ව පැවැති දුර්මතය උඩු යටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු ගේ ආගමනය සිදු වූයේ මෙ වන් මියැසි පසුබිමක් පැවැති 1947 වසරේ දී ය.

ඔබට සුබ ගමන් - මම ජයලාල් රෝහණ...

තලමල ආයේ පිපෙන්නේ නැත... ගුරුතරුව ආයේ පායන්නේ නැත... අන්දරේ නිහඬය...!!!

 ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මයා අප අතරින් වෙන්වී ගිහින් දැන් දවසක් විතර වෙනවා. මේ අවස්ථාවේදී ඔහු ගැන මට මගේ අත්දැකීම් සහ මා දකින ඔහු කවුද කියන වග කියන එක බොහොම වටිනවා කියලා හිතුණා. මේ පුවත්පත හරහා මනෝරත්න මහත්මයාගේ රංගනය මා මුලින්ම දකින්නේ ටයිටස් තොටවත්ත මහත්මයාගේ හඳයා කියන චිත‍්‍රපටයෙන්. එවකට මනෝරත්න මහත්මාව, ඇත්ත කියනවා නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දන්නේ නාට්‍ය කලාවට සම්බන්ධ පුද්ගලයන් විතරයි. ඒක හරි ඉතිං පෙළක් වෙලාවට ස්ටාර් සංකල්පයෙන් දකින මිනිස්සුන්ව විතරයි මිනිස්සු වැඩියෙන් දකින්නේ. එහෙම නැතිනම් ලොකු ලෙඩක් ඇදගන්න ඕනෑ. එහෙම නැතුව ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මයාව දැනගන්න තරම් වේගයක් තිබුණේ නැහැ. නමුත් මා දැන ගෙන හිටියා. එවකට අපට වඩා ගොඩාක් ජ්‍යෙෂ්ඨ මනෝරත්න මහතා ආචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාටකවල පූරක චරිතයේ සිට ර`ගපෑ විත්තිය. ටයිටස් තොටවත්ත මහත්මයාගේ හඳයා චිත‍්‍රපටයේ ඔහුට ර`ගපාන්න තිබුණේ පොඩි අවස්ථාවයි. ඒ කියන්නේ අර කුඩා ළමයින් සමග එකතුවෙලා පවත්වන පුංචි තරගයකදී නිවේදකයකු හැටියටයි. ඔහුට කටයුතු කරන්න තිබුණේ. නමුත් ඔහුට ලැබුණ ඒ අස්වැසිල්ල පාවිච්චියට අරගෙන ඉතා හොඳින් සිය රංගනයේ යෙදෙනවා. ප්‍රේක්‍ෂකයාට අමුත්තක් දනවනවා. මේ නිවේදකයා ගේ ඉතිං මෙයා බොහෝ සිත් ගන්නා සුලූ වුණා.

වසර ලක්ෂ එකහමාරකට පෙර ජීවත්වූ මිනිසාගේ ඇටකටු....!!!

ඉතාලියේ ඇල්ටමීරා නගරය ආසන්නයේ මුර්ජියා ප්‍රදේශයේ ලැමලු‍න්ගා ගුහාව පරීක්ෂා කිරීමේ දී 1993 වර්ෂයේ දී සොයාගත් හිස්කබල හා අස්ථි සමූහය වර්තමානය වනවිට ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත. නූතන මිනිසා පරිණාමය වීමට පෙර මිහිමත සිටි හෝමෝ නියැන්ඩතාල් නමැති මානවයාට අයිති මෙම අස්ථි සමූහය මනාව ආරක්ෂා වී ඇත. 
නමුත් සාමාන්‍යයෙන් මෙවැනි නිදර්ශක ඉවත්කර විද්‍යාගාර පරීක්ෂණ සිදුකර පසුව කෞතුකාගාරවල තැන්පත් කිරීම සිදුවුව ද මෙම අස්ථි කිසිසේත්ම එම ස්ථානයෙන් ඉවත්කිරීමට හැකියාවක් නැත. පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ එය පර්වතය තුළට කා වැදී ඇති බවයි.

ළමාවියට අරුතක් සැපයූ දයාබරයා ටයි අංකල් ගැනයි මේ....


මේ එළඹිලා තිබෙන්නේ අමුතුම කාලයක්. කවුරුද හිතුවේ ගෙදරට වෙලා හැංගිලා ඉඳගෙනත් රට බේරාගන්න පුළුවන් වෙයි කියලා! ඒත් දැන් එහෙම යුගයකුත් උදා වෙලා. හැබැයි හැම අඳුරු වලාකුළකම රිදී රේඛාවකුත් හැංගිලා තිබෙනවයි කියනවා වාගේ, මාරාන්තික අවදානම් සහගත සමයක වුණත් යහපත් අතුරු පල කිහිපයකුත් අපට දැකගන්න පුළුවන්.
එක් පැත්තකින් පරිසර දූෂණය, සත්ත්ව ඝාතන අවම වෙලා. තවත් පැත්තකින් මිනිසුන් තමතමන්ගෙ ගෙවත්තේ මොනමොනවා හරි සිටුවන්න පටන් අරන්. කාලාන්තරයක් තිස්සේ අපට උරුම මනුස්සකම්, සරල ඇවතුම් පැවතුම් ආයෙත් අපේ ජීවිතවලට සමීප වෙලා. සාහිත්‍ය මාසවලදි 'ෆැෂන්-එකට' වගේ අට්ටි පිටින් ගෙවල්වලට පොත් උස්සගෙන ගිය ඇත්තන් දැන් ඒවා කියවන්න අරගෙන. පුරුද්දක් හැටියට පොතපත පරිශීලනයට හුරු වෙලා හිටියත් එන්න එන්න ජීවන අරගලයට මැදි වෙද්දී එයින් ඈත් වෙන්න සිද්ධ වෙලා හිටපු ඇත්තන්ට හරියට වසන්තයක් එළඹුණා වගේ. දුරස් වුණු මාපිය-දූදරු සබඳතා අලුත් වෙලා. ඉස්කෝලෙ ගෙදරවැඩ, ටියුෂන් පීඩනෙන් මිදුණු මුනුපුරු මිනිපිරියන්ට අත්තම්මල සීයලගෙන් ජාතක කතාවක්, ජනකතාවක්, බණකතාවක්, කවියක්, සීපදයක් අහගන්න හම්බවෙලා තිබෙන්නේ අමිල නිදහසක්.

Friday, 1 May 2020

48 මුල්ම නිද­හස් දිනය දා ජාතික ගීය ගැයී­මට එක් වූ යුව­ති­යක් දශක හත­කට පසු කී කතාව

* ඉප­දුණේ 1927
* 48 ජාතික ගීය ගැයුවේ පාසල් සිසු­වි­යක ලෙස
* සුනිල් ශාන්ත­යන්ගෙ සිසු­වි­යක්
* ඔහු සමඟ ගැයූ යුග ගී ඉතා ජන­ප්‍රිය වුණා

මෙවන් පිටි­සරේ
මේ දූගී පැලේ...

සුනිල් ශාන්ත­යන් ගයන මේ ගීතය ඇසෙන මොහො­තක් පාසා ඔහු හා යුග ගී ගයන ඇය කවු­දැයි සිත ප්‍රශ්න කරයි. නමුදු ඇය පිළි­බඳ තොර­තු­රක් සොයා ගන්නට සිත සිතා සිටි මොහො­තක මා මිත්‍ර­යකු කතා කොට අපූරු තොර­තු­රත් කීවේය.
“එක්ද­හස් නව­සිය හත­ළිස් අටේ පළමු නිද­හස් උත්ස­ව­යේදී ජාතික ගීතය ගායනා කළ ගැහැනු ළමයි හතර දෙනා­ගෙන් කෙනෙක් තව­මත් ඉන්නවා. ඇයගේ පුතෙක් ඉන්නවා.”
එලෙස අප හා තොර­තුරු පැව­සුවේ කර්නල් නිරෝ­ෂන් ජය­ම­හය.
ඔහු කියූ තොර­තුරු අනුව අපි ඇය සොයා ගියෙමු. ඒ හෝක­න්දර නිවෙ­ස­ටය.
ඇය නමින් ලීලා අශෝ­කාය. දැන් ඇගේ වයස අවු­රුදු අනු­එකකි. යොවුන් වියේදි බොහෝ හැඩ­කා­රව සිටි­න්නට ඇතැයි ඈ දෙස බැලු බැල්මට පෙනේ.

සොබා දම් අපූර්වතාව රසවත්ව හෙළි කරන 'මඟුල් ගීය' - අරිසෙන් අහුබුදු

සොබා දහම තරම් රසවත් වූත්, විස්‌මිත වූත් වෙන කිසිවක්‌ නැත. එය සියුම් ව විඳින්නාට එහි රසය හමු වෙයි. එවන් සොබා දහමේ අපූර්ව වූ නිමැවුමකි, වසන්ත කාලය හෙවත් බක්‌ මාසය. බක්‌ මාසය කුමරියක ලෙස ගනිමින් ඇය විසින් ජීව - අජීව ලෝකය සුන්දරත්වයෙන් පිරවෙන ආකාරය 'මඟුල් ගීය' නම් හිසින් යුත් මෙම පැදියෙහි වස්‌තු විෂය වෙයි. සිංහල පද්‍යාවලියෙහි 'හෙළ හවුලේ' ප්‍රතිභාසම්පන්න කවියකු වූ 'අරිසෙන් අහුබුදු' විසින් මෙය පබැඳෙයි. අහුබුදු විසින් 1962 වසරේ දී රචනා කෙරුණු 'පරෙවිය සාමඅස්‌න' කාව්‍ය කෘතියෙන් මෙම නිර්මාණය උපුටාගෙන ඇත.

කොරෝනාවෙන් ගොඩ ආ වියට්නාමය

මිලියන 95 ක ජනහනයක් වෙහෙසන වියට්නාමය සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රාජ්‍යයකි. අග්නිදිග ආසියාවට අයත් වියට්නාමය බෞද්ධ රාජ්‍යයකි. ගොඩබිමින් පමණක් නොව මුහුදින් ද වියට්නාමය රටවල් රැසකට මායිම්වෙයි. මුහුදින් (දකුණු චීන මුහුදින්) එය මායිම් වන්නේ තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවය. ගොඩයිමින් මායිම්වන්නේ ලාඕසය, කාම්බෝජය සහ චීනයටය. චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වියට්නාමයට ද පැතිර ගොස් ඇත. වියට්නාමයේ පළමු වරට වයිරස ආසාදිතයන් හමුවූයේ පසුගිය ජනවාරියේය.

කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE

කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි. එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබේ.
 
Copyright © 2020/ 2021 සිංහල ප්‍රවෟත්ති අඩවිය
Powered by Blogger