BREAKING NEWS

සතර දිගින්

සත්සර විකසිත

නිවුණු පහන්

Friday, 10 April 2020

Sihaneth Test Transmission /සිහනෙත් හඬ විසිර අසන්න මෙතැන ඔබන්න

සිහනෙත් සිංහල හඬවිසිර නාලිකාව ලොවපුරා සිටින ශ්‍රීලාංකීය සිංහල ජනතාව උදෙසා ක්‍රියාත්මකවන සුභාවිත සිංහල මාධ්‍යය නාලිකාව අන්තර්ජාතික ප්‍රජාව වෙනුවෙන්

Wednesday, 8 April 2020

අප්‍රේල් 14 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි

බස්නාහිර පළාත සහ පුත්තලම, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය වලංගු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ සඳහා හෙට පෙරවරු 06 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය. එසේ ඉවත් කරන ඇඳිරි නීතිය පස්වරු 04 සිට නැවත ක්‍රියාත්මක වේ. 

රෝගීන් සොයාගැනීමේ අභියෝගය


වර්ධනය වෙමින් පවතින කොවිඞ්-19 වසංගතයට මේ දක්වා සාර්ථකව මුහුණදෙමින් සිටිනා අතරම විසඳාගත යුතු බරපතල පන්නයේ, ගැටලු දෙකක් රජය හමුවේ නැගී ඇත. මෙම ගැටළු දෙකම ‘කොවිඞ්-19’ වසංගතය සේම දරුණු ප්‍රතිඵල අත්කර දිය හැකි ගැටළු දෙකකි.
එකක් වන්නේ ක්‍රම ක්‍රමයෙන් නරක තත්ත්වයට හැරෙමින් තිබෙන ආර්ථික අර්බුදයයි. ඒ හමුවේ සියලු සමාජ ස්ථරයන් නියෝජනය කරන සමස්ත ශ්‍රී ලංකා ජනතාවම දණින් වැටෙනු ඇත. නොඑසේ නම් බලවත් පහරකට ලක්වනු ඇත. අනෙක වන්නේ ව්‍යවස්ථා අර්බුදයකි. එය මතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පූර්ව-අවශ්‍යතාවයක් වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙනි.
වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ, ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මරණ සංඛ්‍යාව ද, ඒ හා සමානවම ඉහළ යමින් ඇත. අද (7 වැනිදා) අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 365,000 ඉක්මවා තිබූ අතර අමරිකානු ජාතිකයෝ 11,000 කට ආසන්න පිරිසක් මියගොස් සිටියහ.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ  පවසයි.
අද වන විට කොරෝනා ආසාදිතයන් 44 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
තවත් ආසාදිතයෝ 138 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එංගලන්තයේ  සේවය කළ  ශ්‍රී ලාංකික සම්භවයක් යුතු බ්‍රිතාන්‍ය  වෛද්‍යවරයකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය (08) වාර්තා කළේය .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  දශය 4 තිස්සේ බ්‍රිතාන්‍යයේ  ජීවත් වූ වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ නැමැති 70 හැවිරිදි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකි.
කොරෝනා ⁣වයිරස ආසාදනය වීමෙන් දැඩි ලෙස අසනීප වූ හෙතෙම ඉකුත් මාර්තු 31 ලන්ඩන් යි කින්ග්ස්ටන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද බී.බී.සී පුවත් සේවා වාර්තා වේ වැඩිදුරටත් සදහන් වේ. 

කෝවිඩ් 19 - අරමුදලට රුපියල් මිලියන 97ක පරිත්‍යාග

කෝවිඩ් 19  සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08)  රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
  අමාත්‍ය චමල් රාජපක්ෂ  තම අමාත්‍යංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්  රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන  සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත පිළිගැන්වූහ.

  මීට අමතරව යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක්, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක්, අත්තනගල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් අද (08) සිදු කෙරුණු පරිත්‍යාගයන්ට ඇතුළත් වේ. 

බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..

බේරුවල ප්‍රදේශයේ ගම්මාන පහක පහක 25000 පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න  සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් මුල් වරට කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග මෙම තීන්දුව ගෙන ඇති බවයි.
 
Copyright © 2020/ 2021 සිංහල ප්‍රවෟත්ති අඩවිය
Powered by Blogger